නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ සිටි කාන්තාවගේ අත් පා සහ මුඛය බැද දමා යතුරු පැදියක් සහ රන් ආභරණ කොල්ලකා පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව බිංගිරිය පොලීසිය පැවසීය.
හල්මිල්ලවැව – ගනේගොඩ පදිංචිකාරියක් වන පද්මා රෝහිණී යන අය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.
ඉකුත් 20 වෙනිදා අළුයම් කාලයේ තමන් නිවසේ තනිවම සිටින විට නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු තමාගේ අත පය සහ මුඛය බැද කොල්ලය සිදු කර පලා ගිය බව පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.
කොල්ලකරුවන් නිවසේ තිබූ රුපියල් 3,75,000 ක් වටිනා යතුරු පැදියක්ද,රුපියල් 1,50,000 ක් වටිනා රන් ආභරණද රැගෙන ගිය බව පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.
පැමිණිළිකාරියගේ නිවසේ ජනේලයට සවි කර තිබූ ග්‍රීල් ගලවා ඇතුළු වී කොල්ලය සිදු කර ඇති බව පොලීසිය සදහන් කරයි.
බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.