යතුරු පැදි සොරකම් කිරිමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

යතුරු පැදි සොරකම් කරගෙන ගොස් ඒවා කොටස් කර පාට වෙනස් කර අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වූ සැකකරුවන් 03 කුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මාදම්පේ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතර තුර එම ස්ථානයේ ගාල් කර තිබූ යතුරු පැදියක් කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇත. සොරකම් කර ඇති එම යතුරු පැදිය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කිරීමේදී සෙසු සොරකම් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකරුවන් විසින් මාදම්පේ සහ වැලිපැන්නගහමුල ප්‍රදේශ වලින් සොරකම් කරන ලද තවත් යතුරු පැදි 04 ක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

සොරකම් කරන ලද යතුරු පැදි කොටස් වලට ගලවා අනතුරුව ඒවායේ පැහැය,අංක තහඩු සහ චැසි අංක වෙනස් කර නැවත අලවි කිරීම සැකකරුවන් විසින් සිදු කර ඇති බව පොලීසිය පැවසීය.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?