AFC Banner
Empty Ad
Empty Ad

ගමන් මල්ලේ තිබූ මළ සිරුරේ සුලමුල එළියට

පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත රංජන් රණසිංහ (36) නැමැති අවිවාහක තරුණයෙකි.

ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජපන් රටේ රැකියාවකට යවන බවට පවසා මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයා ට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

ඝාතනය ලක් වු තරුණයා ට පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා රැසක් ඇති බවත්, මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන වලට තරණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.ඝාතනයට ලක්වු තරුණයා හා සැකකරුවන් හිතවත් පුද්ගලයන් බවත්, ඉකුත් 11 දින සැකකරුවන්ට පිටකොටුව ප්‍රදේශයේ දී ඉහත තරුණයා හමුවී ඇති අතර, ඔවුන් සුක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පොල් ඉඩමක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බවද පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?