AFC Banner
Empty Ad
Empty Ad

හතරලියද්ද රෝහලේ ත්‍රිපෝෂ හොරු සොයා පරීක්ෂණ

ගැබිණි මව්වරුන්ට මෙන්ම මද පෝෂණයෙන් යුත් ළදරුවන්ට සහ අඩුබර ළමයින්ට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට නිකුත් කර තිබූ ත්‍රිපෝෂ තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා හතරලියද්ද පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකු ගෙන පමණ පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා විසින්ද කණ්ඩායමක් පත්කරනු ලැබ තිබේ.

මෙම ත්‍රිපෝෂ සොරකමට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගේ හෝ කිහිප දෙනෙකුගේ සහය හිමිව ඇත්ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇත. ත්‍රිපෝෂ ලබා ගැනීම සඳහා මව්වරුන් පැමිණි අවස්ථාවේ ත්‍රිපෝෂ තොගය අතුරුදන් වී ඇති බව හෙළිව තිබේ.

ත්‍රිපෝෂ ගබඩා කර තිබූ කාමරයට පිටස්තර පුද්ගලයෙකු ඇතුළු වූ බවට කිසිදු සාක්කියක් නොමැති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
22
+1
4
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?