Update – මන්ත්‍රී උද්ධිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ පුද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඒ, ඔහුගේ අනුරාධපුර පිහිටි නිවස ඉදිරිපිට දීයි.

මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයට හානි සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සහ පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට භාවිත කර තිබෙනවා.

IMG 20230918 WA0019
IMG 20230918 WA0012
IMG 20230918 WA0022
IMG 20230918 WA0014
IMG 20230918 WA0023
IMG 20230918 WA0024
IMG 20230918 WA0025
IMG 20230918 WA0026
IMG 20230918 WA0027


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11