අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය සම්පූර්ණයෙන්ම සුව වීමට මාස තුනකට වැඩි කාලයක් ගතවන බව පශුවෛද්‍යවරු පවසනවා.
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරි වම් පාදයට දැඩි හානි සිදුව මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට අද දිනයේ දී ද Scanහා X – ray පරීක්ෂණවලින් පසු ප්‍රතිකාර සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ අනුරාධපුර වනජීවී කලාප භාර පශුවෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක්වී තිබෙනවා.
මේ වන මෙම හස්තියා තිරප්පනය – වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතා නිද්‍රාවට පත් කර පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුවයි තුවාල විෂබීජහරණය කර ප්‍රතිකාර සිදු කර ඇත්තේ.
අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින අතර සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවයි.
අද දිනයේ Scan හා X – ray පරීක්ෂණවලට අමතරව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඇතාගෙන් රුධිර සාම්පල ලබා ගත් බව ද පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළා.