Update – මොරොක්කෝ භූ කම්පනයෙන් මිය ගිය පිරිස දහසකට ආසන්න වෙයි

ඊයේ (08) රාත්‍රියේ මධ්‍යම මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 820 කට වැඩි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 672 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවයන් මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් සඳහන් කරන්නේ.

මුදවාගැනීමේ කණ්ඩායම්වලට කඳුකර ප්‍රදේශවල සිදුව ඇති මරණවලට ළඟා වීමට අපහසු කාර්යක් වී ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

අප්‍රිකානු කලාපයේ රාජ්‍යක්වන මොරොක්කෝවට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් විපතට පත්වූවන් වෙත අප්‍රිකානු සංගමය සිය කණගාටුව පළකර තිබෙනවා.

මේ අතර තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම් සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීමට මාරකේෂ් හි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත විශාල පිරිසක් පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලෙන් පිටත දිගු පෝලිම්වල මිනිස්සුන් රැඳී සිටින බවට ද තොරතරු වාර්තා වනවා.

මේ අතර මධ්‍යම මොරොක්කෝවේ මරාකේෂ් ප්‍රදේශයේ ඇති වූ බිහිසුණු භූමිකම්පාවෙන් ජීවිතය අහිමි වූ පුද්ගලයින්ට සහ විපතට පත්ව ඇති සියලුම මොරොක්කෝ වැසියන්ට සිය කණගාටුව පළකරන බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

මෙම ඛේදජනක කාලය තුළ යුක්‍රේනය මොරොක්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52