රැමිස් පද්ධතිය සමඟ මෝටර් රථ ප්‍රවාහන සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු සම්බන්ධකිරීමේ ප්‍රගතිය විමසා බැලේ

රැමිස් (RAMIS) පද්ධතිය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමේ ප්‍රගතිය පිළිබඳව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී විමසා බැලීම සිදු
කෙරුණා.

මේ පිළිබඳ විමසා බැලීම සිදු වුණේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන රැමිස් (RAMIS) දත්ත පද්ධතිය හා සම්බන්ධවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කර එම කටයුත්ත ඉක්මන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වීම සිදුවුණා.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ මෙරට විශාල වශයෙන් සුඛෝපබෝගී වාහන අලෙවි වීම සිදුවන බවත් මේ පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

එමෙන්ම වාහන හිමිකාරීන්ගේ ජාතික හැදුනුම්පත් අංක දෙපාර්තමේන්තුව සතු විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

මේ අනුව මෙම සියලු තොරතුරු රැමිස් පද්ධතිය හා සම්බන්ධකිරීම සිදුවිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාස 06ක් ඇතුළත රැමිස් (RAMIS) පද්ධතිය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමේ කටයුතු අවසන් කළ හැකි බවයි.

එසේම අලුතෙන් ලියාපදිංචි කරන වාහනවල හිමිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ද ලබාගැනීමට මේ වන විට
කටයුතු සිදුකරමින් පවතින බවද එම නිලධාරීන් සඳහන් කළා.

තව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව රැමිස් (RAMIS) පද්ධතිය හා සම්බන්ධකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, මෙරට විශාල වටිනාකම් සහිත ඉඩම් අලෙවිවීම සිදුවන බවත් මේ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දුන්නා.

එසේම ඉඩම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ලබාගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති කටයුතු පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසා සිටීම සිදු වුණා.

මේ අනුව නිලධාරීන් සඳහන් කළේ ඉඩම් හිමියන්ගේ ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීම ඇතුළු තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවයි.

මේ අනුව කමිටුව පෙන්වා දුන්නේ මෙම තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී නොමැති බැවින් අවශ්‍ය තොරතුරු ලබාගැනීම සිදු කළ හැකි බවයි.

ඒ, හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කර ඉදිරි කටයුතු සිදුකරන ලෙස කමිටුව උපදෙස් ලබාදුන්නා.

එමෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව රැමිස් (RAMIS) පද්ධතිය හා සම්බන්ධකිරීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද කමිටුව විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම මෙහිදී කෙරුණා.

තව ද රාජ්‍ය වැවිලි කළමනාකරන ආයතනයේ 2021 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාව, හලාවත වැවිලි සමාගමේ 2020 වාර්ෂික වාර්තාව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 2021 වාර්ෂික වාර්තාව සලකා බලා අනුමත කිරීමද මෙහිදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45