AFC Banner
Empty Ad
Empty Ad

එයාර් ඉන්දියා ගුවන් සේවිකාවකගේ මළ සිරුර මහල් නිවාසයක

ගෙළේ කැපුම් තුවාල සහිතව මුම්බායි හි මහල් නිවාසයක මියගොස් සිටි ගුවන් සේවිකාවකගේ මෘත ශරීරය ඊයේ (03) සවස සොයාගත් බව මුම්බායි පොලීසිය පවසනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ 25 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය පසුගිය අප්‍රේල් මාසයේදී එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් ගුවන් සේවිකාවක් ලෙස පුහුණුව ලැබීමට තෝරා ගැනීමෙන් පසු මුම්බායි වෙත ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගුවන් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රූපා ඔග්රේ නැමැති මෙම තරුණියගේ පවුලේ සාමාජිකයින් මුම්බායි හි සිටින ඇගේ මිතුරන්ගෙන් ඉල්ලා ඇත්තේ, රූපා ඔවුන්ගේ ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව සොයා බලන ලෙසයි.

පසුව මිතුරිය, රූපා පදිංචිව සිටි නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමේ දී එහි අගුළු දමා තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ මහල් නිවාසයේ දොර කඩා ඇතුළු වී පරීක්ෂා කිරීමේ දී රූපා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දැකගත හැකිව තිබෙනවා.

ඇයව කඩිනමින් අසල පිහිටි රෝහලකට ගෙන ගොස් ඇති නමුත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
2
+1
28
+1
8
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?