එයාර් ඉන්දියා ගුවන් සේවිකාවකගේ මළ සිරුර මහල් නිවාසයක

ගෙළේ කැපුම් තුවාල සහිතව මුම්බායි හි මහල් නිවාසයක මියගොස් සිටි ගුවන් සේවිකාවකගේ මෘත ශරීරය ඊයේ (03) සවස සොයාගත් බව මුම්බායි පොලීසිය පවසනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ 25 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය පසුගිය අප්‍රේල් මාසයේදී එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් ගුවන් සේවිකාවක් ලෙස පුහුණුව ලැබීමට තෝරා ගැනීමෙන් පසු මුම්බායි වෙත ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගුවන් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රූපා ඔග්රේ නැමැති මෙම තරුණියගේ පවුලේ සාමාජිකයින් මුම්බායි හි සිටින ඇගේ මිතුරන්ගෙන් ඉල්ලා ඇත්තේ, රූපා ඔවුන්ගේ ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව සොයා බලන ලෙසයි.

පසුව මිතුරිය, රූපා පදිංචිව සිටි නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමේ දී එහි අගුළු දමා තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ මහල් නිවාසයේ දොර කඩා ඇතුළු වී පරීක්ෂා කිරීමේ දී රූපා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දැකගත හැකිව තිබෙනවා.

ඇයව කඩිනමින් අසල පිහිටි රෝහලකට ගෙන ගොස් ඇති නමුත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05