AFC Banner
Empty Ad
Empty Ad

භාරතය සඳ මෙහෙයුම ජයගැනීමත් සමඟ ඉන්දියානුවෙන් සඳෙන් ඉඩමක් මිලදී ගනී

භාරත දේශය චන්ද්‍රයාන් 03 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් නැමැත්තා මෙලෙස සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදීගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන තිබෙනවා.

ඉන්දියාව චන්ද්‍රයාන් 03 මෙහෙයුම පසුගිය අගෝස්තු 23 වන දින සාර්ථක කරගත් අතර, ඊට දෙන දෙකකට පසු එනම් අගෝස්තු 25 වන දින රුපේෂ් විසින් මෙම මිලදී ගැනීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් 675 දෙනෙකුට සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට සඳෙහි ඉඩම් හිමි බව ඔහු මෙම මිලදී ගැනීම සිදුකරමින් ප්‍රකාශ කළා.

සඳේ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07කට මිලකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
46
+1
8
+1
0
+1
5
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?