භාරතය සඳ මෙහෙයුම ජයගැනීමත් සමඟ ඉන්දියානුවෙන් සඳෙන් ඉඩමක් මිලදී ගනී

භාරත දේශය චන්ද්‍රයාන් 03 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් නැමැත්තා මෙලෙස සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදීගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන තිබෙනවා.

ඉන්දියාව චන්ද්‍රයාන් 03 මෙහෙයුම පසුගිය අගෝස්තු 23 වන දින සාර්ථක කරගත් අතර, ඊට දෙන දෙකකට පසු එනම් අගෝස්තු 25 වන දින රුපේෂ් විසින් මෙම මිලදී ගැනීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් 675 දෙනෙකුට සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට සඳෙහි ඉඩම් හිමි බව ඔහු මෙම මිලදී ගැනීම සිදුකරමින් ප්‍රකාශ කළා.

සඳේ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07කට මිලකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07