සංචාරක නිකේතනයක් ඇවිලූ විදේශිකයා

වැලිගම, කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන්ගෙන සිටි විදේශිකයෙකු, එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වනවා.

පසුව විදේශිකයා විසින් ලැඟුම්හලේ කාමරයට ගිනි තබා ඔහු ද එම ගිනිගොඩට පැන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පිලිස්සුම් තුවාල ලැබූ විදේශිකයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලිසිය සඳහන් කළා.

33 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකු වන මෙම විදේශිකයා වසර තුනක පමණ කාලයක සිට මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.

එහිදී එම සංචාරක නිකේතනයට ගෙවිය යුතු මුදල් ඔහු විසින් පැහැර හැර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඒ, පිළිබඳව සංචාරක නිකේතනයේ හිමිකරු ඔහුට දැනුම්දීමත් සමඟ ඊයේ (02) පස්වරුවේ දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

එහිදී උරණ වූ මෙම ඊජිප්තු ජාතිකයා සංචාරක නිකේතනයේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී නවාතැන් ගෙන සිටි කාමරයට ගිනිතබා ඔහු ද එම ගිනිගොඩට පැන ඇති බවටයි වාර්තා වුණේ.

පසුව ඔහුව බේරාගෙන කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම අවස්ථාවේ දී තවත් රටවල් කිහිපයක සංචාරකයින් මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිට ⁣ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44