ලුම්බිණියේ සිට කොළඹට එන යතුරුපැදි සවාරිය ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදු හිමියන් උපත ලැබූ ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.

නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දීය දේශසීමාවට ඇතුල් වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කංකසන්තුරයෙන් මෙරටට ඇතුල්වීමට නියමිතයි.

ජනවාරි මස 15 වනදා මෙරට දී ආරම්භ කෙරෙන යතුරුපැදි සවාරිය කංකසන්තුරයේ සිට අනුරාධපුර, දඹුල්ල, මාතලේ, මහියංගනය, බදුල්ල, ඇල්ල, කතරගම, මාතර යන ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ආකර්ශනීය ස්ථාන ආවරණය කරමින් කොළඹට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට සමගාමීව කොළඹ දී රටවල් තුනේ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරුපැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වුණා.

ලුම්බිණියේ සිට ශ්‍රී ලංකාව දක්වා යෝජිත දිගු යතරු පැදි සවාරිය ටවල් අතර සබඳතාව සහ සමීප සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදාකරන අතර මෙම යතරුපැදි සවාරියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබාදිය යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

නේපාල ඉන්දීය තානාපති නිලධාරීන් සහ සම්බන්ධීකාරක රාහුල් පටේල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධහමුදා නිලධාරීන්, ඒකීය විශ්ව සංවිධානයේ (One universe organization) පියල් දර්ශන ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33