spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලුම්බිණියේ සිට කොළඹට එන යතුරුපැදි සවාරිය ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදු හිමියන් උපත ලැබූ ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.

නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දීය දේශසීමාවට ඇතුල් වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කංකසන්තුරයෙන් මෙරටට ඇතුල්වීමට නියමිතයි.

ජනවාරි මස 15 වනදා මෙරට දී ආරම්භ කෙරෙන යතුරුපැදි සවාරිය කංකසන්තුරයේ සිට අනුරාධපුර, දඹුල්ල, මාතලේ, මහියංගනය, බදුල්ල, ඇල්ල, කතරගම, මාතර යන ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ආකර්ශනීය ස්ථාන ආවරණය කරමින් කොළඹට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට සමගාමීව කොළඹ දී රටවල් තුනේ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරුපැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වුණා.

ලුම්බිණියේ සිට ශ්‍රී ලංකාව දක්වා යෝජිත දිගු යතරු පැදි සවාරිය ටවල් අතර සබඳතාව සහ සමීප සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදාකරන අතර මෙම යතරුපැදි සවාරියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබාදිය යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

නේපාල ඉන්දීය තානාපති නිලධාරීන් සහ සම්බන්ධීකාරක රාහුල් පටේල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධහමුදා නිලධාරීන්, ඒකීය විශ්ව සංවිධානයේ (One universe organization) පියල් දර්ශන ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?