ගබ්සා පෙති ජාවාරමේ නියැලුනු කතක් අනුරාධපුරේ දී අල්ලයි (වීඩියෝ)

නීති විරෝධී ගබ්සා පෙති ජාවාරමේ නියැලුනු කාන්තාවක් අනුරාධපුර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකයට ලද තොරතුරක් මත මෙම කාන්තාව අනුරාධපුර, යහපත හංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උපාය දූතයෙකු යොදවා ගබ්සා පෙති 07ක් රුපියල් 35,000 මුදලකට මෙම කාන්තාවගෙන් මිලදී ගන්නා මුවාවෙන් සිදුකළ මෙහෙයුමක දී ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ළඟ සේවය කරන තැනැත්තියක් බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) දින ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?