මාළිගාවත්තේ වෙඩි තැබීමක් (වීඩියෝ)

මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙක්.

ඔහු තම සහෝදරයා සමග ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ගරාජයක සිටියදීයි යතුරුපැදයකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාළිගාවත්ත පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.