ඉතාලියේ දුම්රියක ගැටීමෙන් දුම්රිය සේවකයින් 5ක් මරුට

ඉතාලියේ දුම්රියක ගැටීමෙන් දුම්රිය සේවකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මොවුන් අධිවේගී දුම්රියේ ගැටෙන විට උතුරු ටියුරින් නගරය අසල ධාවන පථයක කොටසක් ප්‍රතිස්ථාපනය කරමින් සිටි බවයි පැවසෙන්නේ

කම්පනයට පත් වූ දුම්රිය රියදුරුට එම ස්ථානයේ ගිලන් රථයක් මගින් ප්‍රතිකාර ලබා දී ඇති අතර වෙනත් කිසිදු හානියක් ඔහුට සිදු නොවී ඇති බවද සඳහන්

දුම්රිය සේවකයන් දෙදෙනෙක් අනතුරින් දිවි ගලවාගෙන ඇති බවද සඳහන් වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !