රුපියල් 15,000ක අල්ලස් මුදලක් ගත් කොස්තාපල්-සැරයන් මාට්ටු

රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට ලබා ගත්තේ යැයි කියන යාපනය, මල්ලාවි පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට ආධාර අනුබල දුන් කියන පොලිස් සැරයන් වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ජේ සී බී. වර්ගයේ යන්ත්‍රයක් පදවාගෙන ගිය රියදුරෙකුට එම රථය පදවාගෙන පදවා ගෙන යාමට බලපත්‍රයක්සහ එහි ආදායම් බලපත්‍රයනොතිබීම හේතුවෙන්ඒ සඳහා අධිකරණයේ නඩු පවරා නොකිරීමට රුපියල් 25,000 ක මුදලක් මුලින්ම ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ

සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ රුපියල්12,500මුදලක් රියදුරාගෙන් ලබාගෙන ඉතිරි මුදල ලබා දෙන තෙක් රියදුරාගේ ජාතික හැඳුනුම්පතඔහු සන්තකයේ තබා ගෙන ඇතැයි කොමිසම පවසයි. මුදා හරින ලද රියදුරාට ජංගම දුරකථනයෙන් කතා කර ඉතිරි මුදල වූ රුපියල් 15,000 ක මුදල ඉල්ලා ඇතැයිකොමිසමේ එම එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !