පොලිස් අත්අඩංගුවේ සිටි සැමියාට ලබාදුන් කෑම පාර්සලයේ සඟවා අයිස් මත්ද්‍රව්‍ය ලබාදුන් සුරූපී කාන්තාව අත්අඩංගුවට

පින්වත්ත පොලීසිය මගින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් බාරයේ සිටියදී එම පුද්ගලයාට කෑමට රැගෙන ආ බත් පාර්සලය පරික්ෂා කිරීමේදී අයිස් පැකට් 5ක් සොයා ගැනීමට හැකි වූ බව පින්වත්ත පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා පොලිස් බාරයේ සිටියදී එම පුද්ගලයාගේ බිරිඳ තම ස්වාමි පුරුෂයාට ලබා දෙන ලෙස අත්අඩංගුවේ සිටි පුද්ගලයාගේ බිරිඳ වෙනත් පුද්ගලයකුට බත් පාර්සලයේ ලබාදී ඇති අතර පොලිස් කූඩුවේ සිටි පුද්ගලයාට ලබාදීමට පෙර පොලිසිය විසින් කෑම පාර්සලය පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් පැකට් 5ක් සොයා ගැනීමට හැකි වී ඇති අතර කෑම පාර්සලය රැගෙන පැමිණි පුද්ගලයා ගෙන් මෙම සිද්ධිය පිළිබඳව විමසීම් කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් තමාට මෙම කෑම පාර්සලය කූඩුවේ සිටින පුද්ගලයාට ලබා දෙන ලෙස එම පුද්ගලයාගේ බිරිඳ විසින් ලබා දුන් බවයි.

ඉන් අනතුරුව මෙම සිදුවීම පිළිබඳව විමර්ශන කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වූ පින්වත්ත පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව සිටින මාදු පිටියේ නිවසට ගොස් ඇති අතර නිවස සහ නිවසේ සිටින කාන්තාවක් පරික්ෂා කිරීමට යාමේදී පරීක්ෂණ කටයුතුවලට බාධා කරමින් පොලිස් නිලධාරීන් (සපා කා ) පරීක්ෂණ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කර ඇති අතර අනතුරුව කාන්තා පොලිස් නිලධාරියා එම කාන්තාවගේ රහස් ප්‍රදේශයක සඟවා තිබියදී අයිස් ග්‍රෑම් 5ක් සහ මිලිග්‍රෑම් 300 ක් සොයා ගැනීමට පින්වත්ත පොලිසියේ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ

මෙසේ අත්අඩංගුවට පත් වූ ස්වාමිපුරුෂයා සහ කාන්තාව මාදුපිටිය පින්වත්ත යන ප්‍රදේශ වැල දීර්ඝ කලක සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදී සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පිංවත්ත පොලිසියේ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරන ලදී.

ස්වාමිපුරුෂයා ඊයේ දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර කාන්තාව අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පින්වත පොලිසිය විසින් සිදු කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30