වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් පිරිසක් රෝහලට

වටවල පොලිස් බල ප්‍රදේශයේ රොසැල්ල කුයිල් වත්ත වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් අට දෙනකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හැටන් වැවිලි සමාගමට අයත් මෙම වතුයායේ මෙම පිරිස සේවය කරමින් සිටියදි 28වන දින සවස 4.45ට පමණ එම වතුයායේ ගසක් මත බැද තිබු බබර කුඩුවක් හදිසියේ ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් විසින් මෙම පිරිසට පහරදි තිබේ.

මේ පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බබර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබු පිරිමි දෙදෙනකු හා කාන්තාවන් හය දෙනකු රෝහල් ගත කල බවත්යි.

එම අය අතරින් බරපතල තත්වයේ පසුවු අවුරුදු 55ක් වයැසැති කාන්තාවක්වු එම්. නවමිනි යන අය වැඩි දුර ප්‍රථිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බවද එම නිලධරියා වැඩි දුරටත් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?