ලංගම බස්වලින් ඩීසල් ඇද්ද ඩිපෝ සේවකයා අත්අඩංගුවට

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අකුරැස්ස – අමලගොඩ පිහිටි ඩිපෝවට අලුත්වැඩියා කිරීමට රැගෙන එන බස් රථවලින් සූක්ෂම ආකාරයට ඉන්ධන සොරකම් කළ සේවකයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසනවා.

ඩිපෝවේ අධිකාරිවරයා විසින් අකුරැස්ස පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන විල්පිට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

49 හැවිරිදි වියේ පසුවන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සැකකරු විසින් එලෙස බස් රථවලින් සොරාගන්නා ඩීසල් ඔහුගේ යතුරුපැදියේ ඉන්ධන ටැංකියේ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30