විල්පත්තු නඩු තීන්දුව ක්‍රියාත්මක නොකළ බවට බදියුදීන්ට එරෙහි පෙත්සමක් සලකා බැලීම කල් තැබෙයි

විල්පත්තු නඩු තීන්දුව ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් තවදුරටත් පවත්වා ගන්න යන්නේ ද එසේත් නැතිනම් ඉල්ලා අස්කර ගන්නේද යන්න දැනුම්දීම සඳහා ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (28) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම පෙත්සමට පාදකවන නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් කළා.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ද සඳහන් කළේ අදාළ නඩු තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන නිසා මෙම පෙත්සම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම පවත්වාගෙන යන්නේ ද එසේත් නැතිනම් ඉල්ලා අස් කර ගන්නේද යන්න දැනුම් දීම සඳහා ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවන ලෙසත් අභියාචනාධිකරණය නියම කළා.

මෙහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බවත් නියම කරනු ලැබුවා.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් කියා තිබුණේ විල්පත්තු රක්ෂිත වනාන්තර වලට යාබදව පිහිටා තිබූ කල්ලාරු සහ මරිච්චිකඩ්ඩි රක්ෂිත වනාන්තර කපා හෙළි පෙහෙළි කිරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවයි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම වන විනාශය වෙනුවෙන් යළි ගස් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් ඊට අවශ්‍ය වියදම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවීමට පියවර ගන්නා ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ බදියුදීන්ට නියෝග කර තිබුණා.

එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කොට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36