වවුනියාවේ නිවසකට ගිනි තබා යුවළක් නැසූ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකුට ප්‍රහාරයක්

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය ජූලි 24 වනදා අලුයම ගිනි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකුට කිසියම්
පිරිසක් පහරදී තිබෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ (27) වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ නිවසකට ගිනි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 36 ත් අතර පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

මෙහිදී ජීවිතක්ෂයට පත් වුණේ 23 හැවිරිදි වියේ සහ 35 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළක්.

මෙම සිද්ධියෙන් එම නිවසේ සිටි කුඩා ළමුන් ඇතුළු තවත් 08 දෙනෙක් තුවාල ලැබුවා.

අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශන පවත්වන ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති අතර, ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් වවුනියාව, වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබිය දී සොයා ගැනීමට ද හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29