spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාවේ නිවසකට ගිනි තබා යුවළක් නැසූ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකුට ප්‍රහාරයක්

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය ජූලි 24 වනදා අලුයම ගිනි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකුට කිසියම්
පිරිසක් පහරදී තිබෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ (27) වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ නිවසකට ගිනි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 36 ත් අතර පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

මෙහිදී ජීවිතක්ෂයට පත් වුණේ 23 හැවිරිදි වියේ සහ 35 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළක්.

මෙම සිද්ධියෙන් එම නිවසේ සිටි කුඩා ළමුන් ඇතුළු තවත් 08 දෙනෙක් තුවාල ලැබුවා.

අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශන පවත්වන ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති අතර, ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් වවුනියාව, වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබිය දී සොයා ගැනීමට ද හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?