විකිණීමට තිබූ යතුරුපැදිය සොරාගෙන දහඅටේ තරුණයින් දෙදෙනා පළාගිහින්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ විකිණීමට දැන්වීම් පළකර තිබූ යතුරුපැදියක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ, එය සොරාගෙන පළා ගිය 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් සොරාගත් යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා මෙලෙස සොරාගෙන පළා ගොස් ඇත්තේ කැකිරාව, යකල්ල පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් යතුරුපැදියක්.

සොරකම සම්බන්ධයෙන් යතුරුපැදියේ හිමිකරු කැකිරාව පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව, සොරකම සිදු වී පැය 24ක් ගතවීමටත් පෙර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා මහනුවර, තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් සොරාගත් යතුරුපැදිය මාතලේ, කූමියන්ගොඩ ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබිය දී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

යතුරුපැදි හිමිකරු එය විකිණීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ දැන්වීමක් පලකර තිබී ඇති අතර, එය මිල දී ගන්නා ආකාරයෙන් පැමිණ ඇති සැකකාර තරුණයින් දෙදෙනා යතුර පැදිය පරීක්ෂකාර බලා පරීක්ෂණ ධාවනයක් සදහා යැයි පවසා යතුරුපැදිය පණ ගන්වාගෙන එහි නැගී පළා ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10