අතුරුදන්ව සිටි මෙහෙණින් වහන්සේලා හමුවෙයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරාමයකින් අතුරුදන්ව සිටි මෙහෙණින් වහන්සේලා තුන්දෙනා නුවරඑළිය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ නුවරඑළිය පොලිසියට පැමිණීමෙන් අනතුරුවයි.

අවුරුදු 12, 15 සහ 18 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා සමග හාලි ඇල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් ද පොලිසියට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පෙරේදා (24) සිට මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ විසූ මෙහෙණින් වහන්සේලා තුන් නමක් සහ අනෙක් කාන්තාව අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ වූයේ.

පොලිසියට පැමිණි අදාළ කාන්තාව බාල වයස්කාර මෙහෙණින් වහන්සේලා නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙණින් වහන්සේලා තුන් නම ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙණින් වහන්සේලා වැඩ සිටි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ කලකිරී එම ආරාමයේම නතරවී සිටි කාන්තාව සමග නුවරඑළියට පැමිණ ඇති බවයි.

ඔවුන් කිසිවෙකුට හෝ දැනුවත් කිරීමකින් තොරව ආරාමයෙන් පිටව ගොස් සැකකාර කාන්තාවගේ නුවරඑළිය නගරයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති අතර එම නිවැසියන් විසින් මෙම පිරිස නුවරඑළිය පොලිසියට භාරදී තිබෙනවා.

පොලිස් භාරයට ගත් මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසියට භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන ප්‍රධාන මෙහෙණින් වහන්සේ විසින් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊයේ (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබුණා.

මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි උන් වහන්සේ පොලිසියට ප්‍රකාශ කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26