AFC Banner
Empty Ad
Empty Ad

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට

සඳ ගවේෂණ කටයුතුවලින් අසල්වැසි ඉන්දියාව තවත් අදියරයක් පෙරට ඔසවමින් අද චන්ද්‍රයාන් 3 යානය සඳ මතට ගොඩබෑමට සමත් වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සඳ වෙත යැවූ චන්ද්‍රයාන් 03 සඳ ගවේෂණ යානය අද සඳේ දකුණු ධ්‍රැවය වෙත ලඟා වූ බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එරට වේලාවෙන් අද පස්වරු 06 යි 04ට පමණයි යානය සඳෙහි දකුණු ධ්‍රැවය වෙත ළඟා වීමට නියමිතව තිබුණේ.

එම අවස්ථාව අති උත්කර්ශවත් ලෙස සැමරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව ඉතිහාස ගත වන්නේ සඳෙහි දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් යොමු කළ ලොව පළමු රට ලෙසයි.

මීට පෙර අමෙරිකාව සහ චීනය සඳ වෙත සාර්ථකව ගවේෂණ යානා ගොඩබස්වා තිබුණත් ලොව කිසිඳු රටක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ළඟා වී නැහැ.

සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයක් වන අතර සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ලෙසට ඉතිහාස ගතවන්නේ ද ඉන්දියාවයි.

යානය සඳට ගොඩ බස්වනු ලැබුවේ පස්වරු 6.04 ට වන අතර ඊට පෙර යානය මිනිත්තු 20ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

‘චන්ද්‍රයාන් 3’ යානය සඳට පතිත කිරීම පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව සඳහන්.

ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබීම හේතුවෙන් සිසුන්ට ද එහි සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබී තිබෙනවා.

‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරඹීමට එක්ව සිටියා.

වික්‍රම් ලෑන්ඩරය චන්ද්‍ර පෘෂ්ඨය මත පතිත වූ වහාම “ඉන්දියාව දැන් සඳ මත” යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබෙනවා.

අහස සීමාව නොවන අතර මෙහෙයුමේ සාර්ථකත්වය ඉන්දියානුවන් දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යනු ඇති බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සඳ මත ගොඩබැසීමට පෙර අසාර්ථක වූ මෙහෙයුම් පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අවසානයේ සාර්ථක වීමට අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගත හැකි ආකාරය මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි.

රෝද හයේ ප්‍රග්‍යාන් රෝවරය චන්ද්‍ර පෘෂ්ඨයේ සැරිසරමින් රූප සහ දත්ත රැස්කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?