අඹේවෙල ගොවිපොළ භූමියේ අනවසර මැණික් ගැරීම නතර කිරීමට පියවර ගන්නැයි උපදෙස්

රජය සතු අඹේවෙල කිරි ගොවිපොළේ මැණික් ගැරීම සිදුවන බැවින් වහාම ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර එම කටයුතු අත්හිටුවන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්. සිරිල් මහතාට උපදෙස් දී තිබෙනවා.

දැනට අපේ රටේ වැඩිම හා වටිනාම මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපලට අයත් භූමියේ ඇති බවටයි සැළකෙන්නේ.

මේ වනවිට එම ගොවිපොළ පුද්ගලික අංශයට බදු දී ඉතාමත් සාර්ථකව කිරිගව පාලනය සිදු කරනු ;ලැබුව ද ඇතැම් බාහිර පුද්ගලයින් මෙම ඉඩමට හොර රහසේ ඇතුළුව මැණික් ගැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

එබැවින් එම කටයුතු නැවැත්වීම සඳහා වහාම මැදිහත්වන ලෙසටයි අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේ.

රටේ කිරි කර්මාන්තය නැංවීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර එම අවස්ථාවට පශු සම්පත් අංශයේ නිලධාරින් මෙන්ම පුද්ගලික අංශය නියෝජනය කරන කිරි කර්මාන්තකරුවන් ද එක්ව සිටියා.

2022 වසරේ මෙරට කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 505ක් වුවද මෙම වසරේ මේ වනවිට කිරි ලීටර් මිලියන 560ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

නමුත් දැනට රට පුරා පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එළගවයින් සහ මීගවයින්ට අවශ්‍ය ජලය හා ආහාර නොමැතිවීම කිරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි පශු සම්පත් සංවර්ධන අංශය පෙන්වා දෙන්නේ.

මේ වනවිට අප රටේ දේශීය ගවයින් 587,600ක්, වැඩි දියුණු කරන ලද ගවයින් 165,910ක් ඇතුළුව 753,510ක් සිටිනවා.

නමුත් රටේ ජාතික අවශ්‍යතාවය වන වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 750ක් දක්වා නැංවීමට නම් තවත් ගවයින් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා.

මෙම සතුන් ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දියාවෙන් හෝ පකිස්ථානයෙන් ලබා ගැනීමට සාකච්ඡා කිරීම මෙන්ම අපේ රටේ පුද්ගලික අංශයේ ගොවිපොලවලින් සහන මිලට ලබා ගැනීම හා මුල්‍ය ප්‍රතිපාදන යොදවා මිලට ගැනීම යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මෙරට දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දියහැකි අපේම ගව විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ අරඹන ලෙසටයි.

මේ වනවිට උප්පුවේලි ගොවිපොළේ එම ප්‍රදේශයට ඔරොත්තු දෙන ගව විශේෂයක් හඳුන්වා දී ඇති නිසා ඒ ආකාරයට වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂයක් ද හදුන්වා දීමට අවශ්‍ය දැනුම සහිත විද්‍යාඥයින් සිටින නිසා ඒ සඳහා පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අතර අඹේවෙල ගොවිපොළෙහි සිදු කෙරෙන අනවසර මැණික් ගැරීම් සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00