ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මිය යාමේ සිද්ධිය ගැන පොලිසියට නියෝගයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව තුන් හැවිරිදි දරුවකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නැවතත් බොරැල්ල පොලීසියට නියම කළා.

අදාළ පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාවරිය මෙම නියෝගය කළේ.

මෙහිදී බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ දරුවා සැත්කමට භාජනය කරන අවස්ථාවේ දී ඔහුගේ වකුගඩු පැවැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

ඒ, අනුව මෙම පරීක්ෂණයේ දී නම් සඳහන් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය රන්දුල රණවක සහ මලික් සමරසිංහ යන වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

ඒ, අනුව අදාළ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ අප්‍රමාදව සටහන් කරගෙන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙය මරණ පරීක්ෂණයක් බැවින් එය ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවත් අවධාරණය කර සිටියා.

එහිදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණයේ දී නම් සඳහන් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහට සාක්ෂි දීම සඳහා ලබන 31 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?