මත්ස්‍ය කර්මාන්තශාලාවක විෂ වායුවක් සේවිකාවන් 31ක් රෝහල් යවයි

මත්ස්‍ය අපනයනය කරන කර්මාන්තශාලාවක විෂ වායුවක් කාන්දු වීමෙන් එහි සේවය කරමින් සිටි සේවිකාවන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා ලුණුවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ මෙමෙ සිදුවීම සිදුව ඇති අතර, රෝහල් ගත කළ සේවිකාවන් අතරින් 23 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් සේවිකාවන් 08 දෙනා තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

දංකොටුව, හාල්දඩුවන ප්‍රදේශයේ පවත්වා ගෙන යන, අපනයනය සඳහා මත්ස්‍යයින් සකස් කරන කර්මාන්තශාලාවේ මාළු ගබඩාකරන ශීතකරණයකින් මෙම විෂ වායුව කාන්දුවන්නට ඇති බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?