ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලක්මව බැබළ වූ ජයරුක්ෂි දිවයිනට (ඡායාරූප)

සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් තුනක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජයරුක්ෂි සමන්කුල අද (21) උදෑසන දිවයිනට පැමිණියා.

අද උදෑසන 09.50ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ – 45 දරණ ගුවන් යානයෙන් ඇය දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන්, පුහුණුකරු සහ තවත් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඉකුත් 19 වනදා සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය නියෝජනය කළ ජයරුක්ෂි සමන්කුල එහි ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික ජාතිකයා වුණේ ද ජයරුක්ෂි සමන්කුලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?