බඹර ප්‍රහාරයෙන් බේරීමට දිවයද්දී ගලකින් පහළට වැටී සිසුවා ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයින් සිව්දෙනෙක් ඉන් බේරීමට දිවයාමේ දී එක් පුද්ගලයෙක් ගලකින් පහළට ඇදවැටී මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙක් බවයි.

ඊයේ (20) දවස් කාලයේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී මොවුන් සිව්දෙනා මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී දිවයාමේ දී මෙම සිසුවා ගලකින් පහළට ඇදවැටී ඇති අතර, පසුව නුවරඑළිය නගර සභාවේ ගිනි නිවීමේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් බඹර ප්‍රහාරයට ලක්ව ඇදවැටී සිටි සිසුවා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහල් ගතකළ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29