ජනේලයෙන් පිටතට හිස දැමූ දහම් පාසල් සිසුවා නොඑන ගමන් ගිහින්

බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් පැමිණි දහම් පාසල් සිසු කණ්ඩායමක සිසුවෙක් උණවටුන, රුමස්සලදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා බස් රථයක පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර, එහිදී ජනේලයෙන් පිටතට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

මියගිය සිසුවා ඇතුළු දහම් පාසල් සිසුන් 112 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බස් රථ දෙකකින් පැමිණ, ගාලු කොටුව නරඹා උණවුටන සාම චෛත්‍ය නැරඹීමට යන අතර තුර මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
48
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29