රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව මීට පෙර ඒවා මාස හයකට වලංගු වන බවට පැවති රෙගුලාසි අහෝසි කර ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙලෙස නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් ඇත් නම් නැවත නව පිටපතක් ලබාගැනීමට වශ්‍යතාවක් නොමැති බවයි දන්වා සිටින්නේ.
කෙසේ වෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ සහ මරණ ලේඛණයක සංශෝධන සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද දැනුම් දෙනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අධ්‍යාපන, විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.














THIS BLOODY GOVERNMENT KILL US PUTTING ALL THE BURDEN ON US, POOR PEOPLE ALSO SUFFER A LOT. EVERY EXPENSES, LOSS AND BRIBARY & CORRUPTION MONEY FORCE U TO PAY. THAT I WHY INTELEC TUALS, DOCTORS, ENGINEERS ANDD EDUCATED YOUNG PEOPLE LAVING THE COUNTRY.
පුදුමයි ජනතාවට සහනයක් වෙන දෙයක් කලා