මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට පියවර

ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මේ වනවිට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙම පියවර ගත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙලෙස මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්ථාවල දී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩන‍යක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතිය හොත්, දැනට අවදානමට ලක් නොවූ ජල මූලාශ්‍ර ද අවදානමට ලක්වීමේ හැකියාව පවතින බවයි ජල සම්පාදන මණ්ඩලය දන්වා සිටින්නේ.