සුදු හුණු ගා ගැනීමට චීනය කරන මාධ්‍ය මෙහෙයුම් ගැන හෙළිදරව්වක්

චීනය 2003 වසරේ දී සිය තුන්වැදෑරුම් යුධෝපක්‍රම ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනු ලැබුවේ මහජන විමුක්ති හමුදාවේ දේශපාලන මාර්ගෝපදේශ සංශෝධනය යටතේයි.

මේ සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත “A Global Web of Chinese Propaganda Leads to a U.S Tech Mogul” යන ශීර්ෂය යටතේ ලිපියක් පළ කර තිබුණා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය ද මීට පෙර නිකුත් කළ වාර්තාවක ,දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ ක්‍රියාත්මක චීන ක්‍රම සහ මෙහෙයවීම් විස්තර කර තිබුණා.

එමගින් පෙන්වා දී තිබුණේ ද චීන මුදල් භාවිතය සහ මෙහෙයවීම් තමන්ට අනුකූලව පවත්වා ගැනීම එහි යටි අරමුණ බවයි.

චීනයට සැලකිය යුතු මූල්‍ය ආයෝජන ඇති “එක් තීරයක් එක් මාවතක්” ව්‍යාපෘති ක්‍රියාත්මක රටවල හෝ සැලකිය යුතු භූ-දේශපාලනික අවශ්‍යතා ඇති රටවල මෙම ක්‍රියාවන් වඩාත් බහුලව දක්නට ලැබෙන බව ද එම ලිපිය මගින් පෙන්වා දී තිබුණා.

එම සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ චීනය පිළිබඳ මහා චිත්‍රයක් මැවීම සහ එම රටවල යටිතල පහසුකම්, ධාරිතා ගොඩනැගීම, අධ්‍යාපනය, වෛද්‍ය යනාදී අංශයන්ට චීනයෙන් ලැබෙන සහය ඉස්මතු කර පෙන්වීමයි.

ඒ වෙනුවෙන් වන ප්‍රචාරක ක්‍රම වන්නේ මුද්‍රිත මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනියඇතුළු සියලුම මාධ්‍යයන් සහ විශේෂයෙන් විශාල අනුගාමිකයින් සිටින සමාජ බලපෑම් කරන්නන් හරහා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයන් සිදු කිරීමයි.

මෙම ප්‍රචාරක පණිවිඩ පසුව ක්‍රමක්‍රමයෙන් භාවිත කරනුයේ අදහස් හැඩගැස්වීමේ පණිවිඩ ඇතුළු කිරීම සඳහා ප්‍රශ්න කිරීමට හෝ එයට එරෙහිව අහිතකර ප්‍රතිපත්ති සම්පාදනය ඔස්සේ තමන්ට වාසි ලබාගැනීමට බවටයි චෝදනා එල්ල වන්නේ.

එක් පුද්ගලයෙකු මගින් හෝ සිදු කරගනු ලබන චීන ප්‍රචාරණයේ ගැඹුර සහ විධික්‍රම නිව් යෝර්ක් ටයිම්ස්හි ලිපිය මගින් ඉස්මතු කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු දේශපාලන පක්ෂයකට, එක්සත් ජනපදයේ යූ ටියුබ් නාලිකාවලට, ඝානාවේ සහ සැම්බියාවේ ලාභ නොලබන ආයතනවලට මුදල් ගොස් ඇති ආකාරයත් Xi Jinping හට ප්‍රශංසා කරමින් ඉඩම් අයිතිය පිළිබඳ අතරමැදි ලිපි පළ කළ Brasil de Fato නම් ප්‍රකාශනයක් සඳහා කණ්ඩායමකට මුදල් ගලා ආ අයුරුත් චීන රජයේ කටයුතු පිලිබඳ ප්‍රකාශ වන නව දිල්ලියේ, NewsClick නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සඳහා මූල්‍යාධාර ලබා දුන් ආකාරයත් අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය ගෝලීය ව්‍යාප්තිය සඳහා ප්‍රචාරණය වෙනුවෙන් චීනයේ මූල්‍ය වියදම ඩොලර් බිලියන 6ක් ලෙස 2009 දී ඇස්තමේන්තු කර තිබු අතර 2017 දී විශාරද ඩේවිඩ් ෂැම්බෝ විසින් කරන ලද තවත් ඇස්තමේන්තුවක් මගින් පෙන්වා දී තිබුණේ චීනය සිය “මෘදු බලය” වැඩි දියුණු කිරීම සඳහා වසරකට ඩොලර් බිලියන 10 ක් පමණ වැය කළ ද රාජ්‍ය මාධ්‍ය එම මුදලින් කොටසක් පමණක් වැය කරන බවයි.

සාරා කුක් විසින් ලියන ලද පත්‍රිකාවක මහජන විමුක්ති හමුදාව විසින් විදේශයන්හි ඔවුන්ට වාසිදායක අන්තර්ගතයන් සහ ආඛ්‍යාන ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කරන ක්‍රම ගෙනහැර දක්වා තිබුණා.

චීනය නිල රාජ්‍ය මාධ්‍යවල ගෝලීය ධාරිතාව සහ පැවැත්ම පුළුල් කිරීම, විදේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත නිල අදහස් ඇතුළත් කිරීම, තමන්ට වාසිදායක අන්තර්ගතයන් නිෂ්පාදනය කළ හැකි විදේශීය මාධ්‍ය වගා කිරීම, විදේශීය මාධ්‍ය ආයතන මිලදී ගැනීම සහ නව ජාල පිහිටුවීම සහ ගෝලීය සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු ප්‍රචාර සිදු කිරීම ඒ අතර වන බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

අවම සිවිල් සමාජ යටිතල පහසුකම් ඇති රටවල සහ විශේෂයෙන්ම අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ ආසියාවේ රටවල්වල මෙම සාමූහික ප්‍රවේශයන් පසුගිය වසර කිහිපය තුළ වෙනස් කිරීමට චීනය කටයුතු කර ඇතත් දුමාරය පිටුපසින් සිටින මකරාගේ සැබෑ මුහුණ දැකගත හැකි බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවෙන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29