කොළඹින් නුවරට අභියෝග ගත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වන තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

කලම්බෝ ස්ට්‍රයික්ස් සහ බී ලව් කැන්ඩි අතර මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 169ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී කලම්බෝ ස්ට්‍රයික්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 51ක් රැස්කළ අතර, බාබර් අසාම්ට අද රැස්කර ගත හැකි වූයේ ලකුණු 09ක් පමණයි.

අද දිනයේ තම මංගල එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කළ නිපුන් ධනංජය වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 29ක් තුළ ලකුණු 40ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර එකක් ඇතුළත්.

අද තරගයේ දී කලම්බෝ ස්ට්‍රයික්ස් ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව නිපුන් ධනංජය සහ පැතුම් නිස්සංක අතරේ ගොඩනැඟුණා.

ඊට අමතරව අද දිනයේ කලම්බෝ කණ්ඩායම මෙහෙයවන චාමික කරුණාරත්න ලකුණු 17ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

මැදපෙළ ශක්තිමත් කිරීමට පැමිණි මොහොමඩ් නවාස් ලකුණු 21ක් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 02ක් සහ වනිඳු හසරංග කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ මේ වන විට ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින බී ලව් කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 170ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48