වසර 45ක් පුරා දිග් ගැස්සුණු දෙමස්සිනාලාගේ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

වසර 45ක් පුරා දෙමස්සිනාලා අතර පැවැති ආරවුලක් එක් අයෙකුගේ ජීවිතය බිළිගෙන අවසන් වූ පුවතක් ගම්පොළ, කොස්ගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනා අතර කලක සිට පැවති ආරවුල යළි ඉස්මතු වී එක් අයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇත්ගාල පොලීසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පොළ, කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්පේඩි ගෙදර ගුණපාල නැමැති වයස අවුරුදු 73ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ගම්පොළ නගරයට ගොස් ඊයේ (12) රාත්‍රියේ නැවත නිවස බලා පැමිණෙමින් සිටිය දී ඔහුගේ නිවසට ආසන්නයේ රැඳී සිට සැකකරු මන්න පිහියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ඝාතනය සිදුකළ සැකකරුගේ සහෝදරියකගේ සැමියා බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා අතින් මීට පෙර (එනම් 1978 වසරේ දී) සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ඝාතනය ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එතැන් සිට මෙම පුද්ගලයින් දෙදෙනා අතර වසර වසර 45ක් පුරාවට ආරවුලක් පැවත ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝතනය සිදුකළ හැත්තෑ හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
3
+1
6
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48