බෝගල පතල අභ්‍යන්තරයේ 15 දෙනෙකුට ආහාර ලබාගත හැකි භෝජනාගාරයක් විවෘත කර තිබෙනවා.
එය ඉදිකර ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ මීටර් 124ක් ගැඹුරින් වීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට සමගාමීව වසර 22ක කාලයක් බෝගල පතලේ සභාපතීත්වය දැරූ විජය මළලසේකර මහතා සිහි කරමින් බෝගල පතලේ ආවාටය ආචාර්ය මළලසේකර ආවාටය ලෙසට නම් කිරීම ද සිදු වුණා.
මෙම භෝජනාගාරයට පිවිසීම වෙනුවෙන් විශේෂ අවසරයක් ලබාගත යුතු වන අතර අවුරුදු 14න් පහළ ළමයින්ට ඊට පිවිසීමට අවසර හිමිවන්නේ නැහැ.
පතලේ වසර 150ක් පමණ පැරණි දෝනා තුල අදාළ භෝජනාගාරය විවෘත කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නීති රීති පද්ධතියට අනුකූලව පතලේ පවතින සීමා සහිත ඉඩ පහසුකම් යටතේ මෙම භෝජනාගාරයෙන් ආහාර භුක්ති විඳීමට හැකියාවක් ලැබෙනු ඇති.
මීටර් 124ක් ගැඹුරින් පිහිටි මෙම භෝජනාගාරයට පැමිණෙන පුද්ගලයන්ට වයිෆයි පහසුකම් ලබා ගැනීමට හැකිවීම ද තවත් විශේෂත්වයක්.













