ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අජිත් පෙරේරා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිරිපහදු කළ ජලය පාවිච්චියෙන් වැළකී සිටින ලෙසයි.

එසේ නොවුනහොත් පරිභෝජනය අධිකවීමත් සමඟ ජල සැපයුමේ ගැටළු මතුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගංඟාවලින් මුහුදට ගලායන ජල ප්‍රමාණය අඩුවීමත් සමඟ මුහුදු ජලය ගංඟාවලට එකතුවීම ආරම්භ වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා, එය ජල පිරිපහදුවට බාධාවක් වී ඇති බවයි පැවසුවේ.

ඊට පිළියමක් ලෙස මුහුදු ජලය ගංඟාවලට එකතුවීම වැළක්වීමේ අරමුණින් ලවන බාධකයක් ඉදිකිරිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් ජල සැපයුම සාමාන්‍ය පරිදි සිදුකරන බව සඳහන් කළ ජල සම්පාදන මණ්ඩලය, ජල සැපයුමේ ගැටළුවක් මතුවේ නම් එය ජල පරිභෝජනය අධිකවීමත් සමඟ සිදුවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36