Empty Ad
AFC Banner
Empty Ad

අවුරුදු 09ක දැරියක් නිවස තුළ එල්ලී මිය යයි – මරණය සැක සහිතයි

වයස අවුරුදු 09ක දැරියක් තම නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

හලාවත පොලීසිය සදහන් කළේ ඊයේ (11) පස්වරුවේ මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බටහිර ඉරණවිල, සමිදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දැරියක්.

දැරියගේ මව රැකියාවක් සඳහා විදෙස් ගතව ඇති අතර, දැරිය සිය පියා භාරයේ හැදී වැඩී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී නිවස තුළ කිසිවෙක් සිට නොමැති අතර, දැරියගේ පියා ගෙවත්තේ සිට ඇති බවයි මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මෙම මරණය සැක සහිත එකක් බව පවසන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
20
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?