ලුම්බිණියේ සිට කොළඹට යතුරුපැදි සවාරියක්

සිදුහත් කුමරුන් උපත ලැබූ ලුම්බිණියේ සිට ඉන්දියාවේ සිද්ධස්ථාන හරහා කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්.

කුසිනාරා, බුද්ධගයා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තා එල්ලෝරා පසු කරමින් දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කොළඹට පැමිණීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරු පැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටයි සහතික වී ඇත්තේ.

සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන දෙසැම්බර් මාසයේ මෙම යතුරුපැදි සවාරිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විෂයභාර අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32