spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලුම්බිණියේ සිට කොළඹට යතුරුපැදි සවාරියක්

සිදුහත් කුමරුන් උපත ලැබූ ලුම්බිණියේ සිට ඉන්දියාවේ සිද්ධස්ථාන හරහා කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්.

කුසිනාරා, බුද්ධගයා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තා එල්ලෝරා පසු කරමින් දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කොළඹට පැමිණීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරු පැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටයි සහතික වී ඇත්තේ.

සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන දෙසැම්බර් මාසයේ මෙම යතුරුපැදි සවාරිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විෂයභාර අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?