මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ යෙදවුම වැඩි දියුණු කරන්න උපදෙස්

මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්‍ෂිත ස්ටිකර්වල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කර තිබෙනවා.

අදාළ කාරක සභාව පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී නිරීක්ෂණය කර ඇත්තේ වෙළෙඳ පොළේ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවටයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාඨලී සම්පිකරණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු කැඳවා තිබුණා.

මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළ ද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ අප්‍රසාදය පළ වූ අතර එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ.

මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනා ගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

එම උපකරණ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීම ලබන 30 වනදා වන විට සම්පුර්ණ කරන ලෙසටයි අදාළ සමාගම වෙත සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම, ව්‍යාජ ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් හඳුනා ගැනීම සඳහා සිදු කළ වැටලීම්වල තොරතුරු මෙන්ම අත්අඩංගුවට ගත් ව්‍යාජ මත්පැන් බෝතල් නිෂ්පාදනය කළ හා අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 15 වනදාට පෙර කටයුතු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

එසේම මෙම ස්ටිකරය සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි පිළිබද විමසූ කාරක සභාව සමාගම් කිහිපයක් පමණක් එම ස්ටිකරය භාවිත නොකිරීමට නීතියේ ඇති ප්‍රතිපාදන නිවැරදි කර සියලු සමාගම් නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම අනිවාර්ය කරන ලෙසටයි සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ.

එ‍මෙන් ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බිලියන 7ක හිඟ මුදල් මෙම වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළව හිඟ බදු මුදල් අයකර ගැනීමට සැලසුම ඔක්තෝම්බර් මස 30 වන දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද සභාපතිවරයා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවා.

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26