පළාත් පාලන ආයතන සංශෝධන යෝජනාව ආණ්ඩුව මුල් වී ඉදිරිපත් කළ එකක් නොවේ – අගමැති

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල් වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිටම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (08) සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨයන් ලෙස පෞද්ගලික මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා, එසේවුවත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බවද සඳහන් කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ, එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර, ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන පරිදි, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානම්ද යන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසා සිටියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූ අදහස්,

“ආණ්ඩුව කිසිම වෙලාවක මේ පනතේ මූලාරම්භකයෙක් නෙවෙයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට ආණ්ඩුව හැමතිස්සෙම ගරු කරනවා. කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකියි. මේ කොයි ආණ්ඩුව කාලයේත් ඒ කාලයේත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් දන්නවා, අපේ අත්තනායක ඇමතිතුමා ඉදිරිපත් කරලා වෙච්චි දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඉතින් ඒ නිසා අපි වගකීමෙන්, ජ්‍යෙෂ්ඨයන් හැටියට පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඉඩ දී, ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳ හැසිරෙන්න පුළුවන්. නමුත් ඔවුනට ඕන ඕන දේ කරන්න බෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38