ඊශ්‍රායල් යන්න තවත් පිරිසකට අවස්ථාව

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනෙකුට අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් අද (07) ගුවන් ටිකට්පත් ලබා දුන්නා.

මෙම වසරේ ගත වූ කාලය තුළ දී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා ඇති බව සඳහන්

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර මෙරටින් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ද සහතික වී තිබෙන අතර ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.