ලොවක් වසඟ කළ ගුණදාස කපුගේ 78 වන ජන්ම දින සැමරුම අදයි

ගුණදාස කපුගේ නම් සුවිශේෂි ගායන ශිල්පියාගේ ජන්ම දින සමරුව අදට යේදී තිබෙනවා. රසික හදවත් ප්‍රකම්පනයට පත්කළ ඒ කළාකරුවා දැයෙන් සමුගෙන වසර ගණනාවක් වුවද ගීත සාහිත්‍යයට ඉතිරි කර ගිය නිර්මාණ අදටත් රසික හදවත් තුළ නොමැකී පවතිනවා.

එදා මෙන්ම අදත් ඔහුගේ ඒ නිර්මාණ රසික හදවත් තුළ නොමැකී පවතින්නේ ඔහුගේ ඒ සුවිශේෂි හැකියාව නිසාමය.1945 අගෝස්තු 7 වනදා උපත ලැබු ගුණදාස කපුගේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. භාත්කණ්ඩේ සංගීත ආයතනයෙන් සහ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් ඔහු වැඩිදුර සංගීත අධ්‍යාපනය හදාරා තිබෙනවා. ස්වර්ණ සංඛ, විශ්ව ප්‍රසාදීනි, සරසවි සම්මාන, ඕ සි අයි සී, ජනාධිපති ඇතුළු සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා තිබෙනවා. ගුණදාස කපුගේ සංගීතවේදියාටම අනන්‍ය වු ඔහුගේ හඩ බොහෝ සිත්සතන් තුළ සදාකාලිකවම නිදන්ගත වී තිබෙනවා. හදිසි අනතුරක් හේතුවෙන් 2003 වසරේ ඔහු අප අතරින් වෙන් වන විට 57 වන වියේ පසුවුණා.මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ සහ සජානි කපුගේ ඔහුගේ දරුවන්. විශාරද ගුණදාස කපුගේ නම් ප්‍රවීණ ගායන ශිල්පියාගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්විම සිදු කෙරුණා.