පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදාගත් කම්හලකට මුද්‍රා තබයි (ඡායාරූප)

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබූ ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා තිබෙනවා.

පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය මෙලස මුද්‍රා තබා ඇත්තේ ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාණ කර්මාන්ත ශාලාවකටයි.

මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් බව හඟවමින් නීති විරෝධී ලෙස සත්ව ආහාර සඳහා මෙම කර්මාන්ත ශාලාව විසින් දිර්ඝ කාලයක සිට යොදා ගෙන තිබු බවට හෙළිවී තිබෙනවා.

අදාළ කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදී එම කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු කිලෝ 27000කට ආසන්න සහල් තොගයක් උරවල අසුරා තිබියදී සොයා ගත් බවයි විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග පිළිනොගනමින් රට තුළ පවතින තත්වය පවා සැලකිල්ලට නොගෙන මෙලෙස ආහාරයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගැනීම සිදු කර තිබූ බවයි විශේෂ විමර්ශන ඒකකය පවසන්නේ.

විමර්ශන නිලධාරීන් අදාළ ස්ථානයට යන විටත් සහල් තොග සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබු බව ද සඳහන්.

ඒ අනුව අදාළ කර්මාන්ත ශාලාව විශේෂ පරීක්ෂාවකට ලක් කර එහි විශාල උර 600ක ගබඩා කර තිබු පරිභෝජනයට සුදුසු සහල් කිලෝ 27000ක් මෙලෙස සොයා ගෙන තිබෙනවා.

අදාළ සහල් තොගය සහිත කර්මාන්ත ශාලව වසා දමා සියලු දොරටු මුද්‍රා තබා ඒ පිළිබඳ හෙට (07) ආණමඩුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන තුරු කර්මාන්ත ශාලාව මුද්‍රා තැබිමටයි පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කටයුතු කර ඇත්තේ.

DSC09024 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09