Indian Premier League

පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදාගත් කම්හලකට මුද්‍රා තබයි (ඡායාරූප)

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබූ ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා තිබෙනවා.

පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය මෙලස මුද්‍රා තබා ඇත්තේ ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාණ කර්මාන්ත ශාලාවකටයි.

මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් බව හඟවමින් නීති විරෝධී ලෙස සත්ව ආහාර සඳහා මෙම කර්මාන්ත ශාලාව විසින් දිර්ඝ කාලයක සිට යොදා ගෙන තිබු බවට හෙළිවී තිබෙනවා.

අදාළ කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදී එම කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු කිලෝ 27000කට ආසන්න සහල් තොගයක් උරවල අසුරා තිබියදී සොයා ගත් බවයි විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග පිළිනොගනමින් රට තුළ පවතින තත්වය පවා සැලකිල්ලට නොගෙන මෙලෙස ආහාරයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගැනීම සිදු කර තිබූ බවයි විශේෂ විමර්ශන ඒකකය පවසන්නේ.

විමර්ශන නිලධාරීන් අදාළ ස්ථානයට යන විටත් සහල් තොග සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබු බව ද සඳහන්.

ඒ අනුව අදාළ කර්මාන්ත ශාලාව විශේෂ පරීක්ෂාවකට ලක් කර එහි විශාල උර 600ක ගබඩා කර තිබු පරිභෝජනයට සුදුසු සහල් කිලෝ 27000ක් මෙලෙස සොයා ගෙන තිබෙනවා.

අදාළ සහල් තොගය සහිත කර්මාන්ත ශාලව වසා දමා සියලු දොරටු මුද්‍රා තබා ඒ පිළිබඳ හෙට (07) ආණමඩුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන තුරු කර්මාන්ත ශාලාව මුද්‍රා තැබිමටයි පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කටයුතු කර ඇත්තේ.

DSC09024 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11

?