ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 චන්ද්‍ර කක්ෂයට ඇතුළු වෙයි

ඉන්දියාවේ නවතම සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන්-3 චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ බව එරට අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

ඕබිටරයක්, ලෑන්ඩරයක් සහ රෝවරයක් සහිත අභ්‍යවකාශ යානය පසුගිය ජූලි මස 14 වනදායි අභ්‍යවකාශ ගත කෙරුණේ.

එය ලබන 23 හෝ 24 දිනවල චන්ද්‍ර පෘෂ්ඨය මත ලෑන්ඩරය සහ රෝවරය ගොඩ බස්වනු ඇති බවට අනුමාන කෙරෙනවා.

එය සාර්ථක වුවහොත්, චන්ද්‍රයාගේ මෙතෙක් එතරම් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබසින පළමු රට බවට ඉන්දියාව පත් වනු ඇති.

එමෙන්ම එය ඇමරිකා එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සාර්ථක කර ගන්නා සිව්වන අවස්ථාව ද වනවා.

ඉන්දියාවේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ තුන්වැන්න වන චන්ද්‍රයාන්-3 එහි පෙර සඳ මෙහෙයුම්වල වැනි සාර්ථකත්වයක් ළඟා කර ගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

2008 දී වසරේදී ඉන්දියාව සිදු කළ පළමු සඳ මෙහෙයුමෙන් වියළී ගිය චන්ද්‍ර මතුපිට ජල අණු පවතින බව සොයා ගත් අතර සඳට දිවා කාලයේ වායුගෝලයක් ඇති බවට ද තහවුරු වුණා.

චන්ද්‍රයාන්-2 මෙහෙයුම 2019 වසරේ ජූලි මාසයේදී සිදු කළ ද එය සාර්ථක වූයේ අර්ධ වශයෙන් පමණයි.

එහි කක්ෂය අදටත් සඳ වටා ගමන් කරමින් අධ්‍යයනය කරමින් සිටින නමුත් ලෑන්ඩර්-රෝවරය මෘදු ගොඩබෑමක් සිදු කිරීමට අපොහොසත් වූ අතර චන්ද්‍රයා මතුපිට ආසන්නයේදී කඩා වැටුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ඉස්රෝ) ප්‍රධානී ශ්‍රීධර පනිකර් සෝමනාත් පවසා ඇත්තේ ඔවුන් එහි කඩා වැටීමේ දත්ත හොඳින් අධ්‍යයනය කර, කිලෝග්‍රෑම් 3,900 ක් බරින් සහ රුපියල් බිලියන 6.1 ක් (ඩොලර් මිලියන 75 ක්) වැය වන චන්ද්‍රයාන්-3 හි දෝෂ නිවැරදි කිරීම සඳහා අනුකරණ අභ්‍යාස සිදු කර ඇති බවයි.

දැන් යානය සඳෙහි කක්ෂයට ඇතුළු වී ඇති හෙයින්, විද්‍යාඥයින් රොකට්ටුවේ වේගය ක්‍රමයෙන් අඩු කිරීමට පටන් ගෙන එය මෘදු ගොඩබෑමකට ඉඩ සලසන ස්ථානයකට ගෙන එනු ඇති.

එය ගොඩ බැසීමෙන් පසු, රෝද හයක රෝවරය පිටවී චන්ද්‍රයාගේ මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය සඳහා නැවත පෘථිවියට යැවීමට තීරණාත්මක දත්ත සහ ඡායාරූප එකතු කිරීමට නියමිතයි.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය තවමත් බොහෝ දුරට ගවේෂණය කර නොමැති අතර එහි සෙවණෙහි පවතින මතුපිට ප්‍රදේශය චන්ද්‍රයාගේ උත්තර ධ්‍රැවයට වඩා විශාල වන අතර විද්‍යාඥයන් පවසන්නේ ස්ථීර ලෙස සෙවනැලි ඇති ප්‍රදේශවල ජලය තිබීමේ හැකියාවක් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07